එප්පාවල පුරවරයේ සියඹලෑව හා නබඩවැව යන ගම්මානවලට මායිම්ව නබඩවැව වැව් තාවුල්ලේ මනරම් පරිසරයක පිහිටා ඇති අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත. මෙම පාසල 1936 ජනවාරි මස 06 වෙනි දින නබඩවැව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ ගරු සුමංගල ස්වාමින් වහන්සේ ගෙ‘ මූලිකත්වයෙන් නබඩවැව විහාරස්ථානයේ දී ආරම්භ කරන ලදි. එවිට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 34 ක් වූ අතර ගුරු සංඛ්‍යාව එක් ගුරුවරයෙකුට සීමා විය . 1936 වසරේ ම මාර් තු මස 03 වෙනි දින මෙම විද්‍යාලය රජයේ ලියාපදිංචි කර ඇති අතර එම් රත්නමලල මහතා ආරම්භක විදුහල්පති වරයා වූ බව පැරණි ලොග් පොත්වල සටහන් වී ඇත. ඉනි පසු පහත සදහන් අයුරි පිළිවෙලින් මේ දක්වා විදුහල්පතිවරු 16 සේවය කර ඇත.
1978 වන විට මෙම විද්‍යාලයේ අඩි 70*20 ගොඩනැගිලි 02ක් හා අඩි 60*20 ගොඩනැගිල්ලක් මෙන්ම යාබදව ගුරු නිවාසයක් ඉදි වී ඇත.1978-1985 අතර කාලය තුළ විද්‍යාගාරයක් ,කෘෂි විද්‍යාගාර ඒකකයක්,පංති කාමර සදහා අඩි 60*20 ගොඩනැගිල්ලක් ,අඩි 100*20 ගොඩනැගිල්ලක් මෙන්ම ගුරු නිවාස 02 ක් මහවැලි සංවර්ධන අධිකාරිය මගින් ලැබී ඇත. ඒ වන විට සිටි සිසුන් 577 දෙනාට එය ප්‍රමාණවත් විය.
1988 න් පසු මෙම විද්‍යාලයේ කිසිම අලුත්වැඩියාවක් රජය මගින් කර නැත.එහෙත් 1992 වසරේ පෙබරවාරි 04 වන දින දෙමාපියන්ගේ දායකත්වයෙන් ගොඩනැගිලි සියල්ලම අලුත්වැඩියා කරන ලදි .
මෙම විද්‍යාලයේ සිසුන්ට ක්‍රීඩා කිරීම සදහා ප්‍රමාණවත් ක්‍රිඩාපිටියක් නැත. එහෙත් සීමිත ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීමහ සුමගුල් දරුවෝ නොපසුබට වෙති. මෙහි මීටර් 200 සදහා ඇති ධාවන පතයේ ඇත්තේ මීටර් 175 කි. මීටර් 100 සදහා ඇති ධාවන පථයේ ඇත්තේ මීටර් 87 කි. පාසලේ සිටි විදුහල්පතිවරුන් ක්‍රීඩා පිටිය විශාල කර කරගැනීමට කොතෙක් උත්සාහ දැරූවද එ ව්‍යර් ථ විය. මෙයට හරස් වී ඇත්තේ නබඩ වැව වැව් රක්ෂිතයයි.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
2000 වසරෙ සැප්තැම්බර් මාසයේ සිට මෙම විද්‍යාලයේ කලා අංශය සදහා අ.පො.ස. උසස් පෙළ පංකි ආරම්භ කර ඇත. වර්තමානය වන විට පාසල ඉතා උසස් මට්ටමක පවතින අතර ගුරු සංඛ්‍යාව 42 ක් හා අනධ්‍යන කාර් ය මණ්ඩලය 4 ක් ද සිසු දරු දැරියන් 820 ක් පමන සිටියි.
84 වසරක කාලය තුළ දී මෙම විද්‍යාලය අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතුවලින් ලබා ඇති දියුණුව සතුටු දායකය ඉදිරි අනාගතයේ දී මෙම විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛ පෙළේ විද්‍යාලයක් බවට පත්වනු දැකීම වර්තමාන විදුහල් පති තුමිය ඇතුලු ආචාර් ය මණ්ඩලයේ ඒකායන අපේක්ෂාව වන අතර 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
1936-1944 |
එම්. රත්නමලල මහතා |
|
1944/06/01 - 1944/10/08 |
එම්.කේ .පීටර් සිඤ්ඤෝ මහතා |
|
1944 - 1945 |
එච්.එම්.ටී. බංඩා මහතා |
|
1945 - 1946 |
පී.බි. රත්නායක මහතා |
|
1946 - 1950 |
ජේ.පි.පියසේන මහතා |
|
1950/09/29 - 1950/12/31 |
කේ.එම්.ගුණපාල මහතා |
| 1951-1962 |
කේ.පි.බංඩා මහතා |
| 1968-1973 |
ඊ.පියරත්න මහතා |
| 1974/01/01-1974/12/31 |
ජෙ.ඩබ්.අබේවර් ධන මහතා |
| 1975-1978 |
ඩී.ජී.සිරිසේන මහතා |
| 1978-1982 |
පූජ්‍ය පොල්දූවේ විමලසාර හිමි |
| 1982-1991 |
ඩී.එම්.ටී.බී.දිසානායක මයා |
| 1991-1999 |
එස්.නන්දාවති මිය |
| 1999-2015 |
බී.බන්දුල ජයසේන මයා |
| 2015-2018 |
ඒ.දයාරත්න මයා |
| 2018/03/12-2022/10/31 |
වී.ජී .පාලිත බංඩාර මයා |
{QF3=5}